සාමාන්‍ය විදිහට නොව, අසාමාන්‍ය ලෙස පසුපසින්ම එන රටක් මේක.. අහන්නකෝ මේ අමුතු කතාව
Wednesday, 03 April 2024 - 9:09 | Views - 291
ඉතියෝපියාව කියන්නේ සාමාන්‍ය ලෝකයේ දින දර්ශනයට වඩා පිටුපසින් ගමන් කරන දින දර්ශනයක් සහිත එකම රට.
ඒ වගේම ඉතියෝපියාවේ අවුරුද්දකට මාස දොළහක් නෙමෙයි මාස දහතුනක් තියෙනවා.
මේ විදියට වසර ගණනාවක් පසුපසින් ගමන් කරන දින දර්ශනයක් ඇති වීමට හේතුව තමයි, ඉතියෝපියාවේ "ඕතඩොක්ස්" පල්ලිය මඟින් ක්‍රිස්තුත් වහන්සේගේ උපන් වර්ෂය නිසි ලෙස ගණනය නොකොට වැරදි වර්ෂයක් යොදාගෙන ගණනය කිරීම.
කෙසේ වෙතත්, ඉතියෝපියානු දින දර්ශනය අනුව, ඔවුන්ට නව වසර උදා වන්නේ ජනවාරි පළමුවැනිදා නොව, සැප්තැම්බර් 11 වෙනිදා යි.
එසේම, ජාත්‍යන්තර සබඳතා වලදී ඔවුන් සාමාන්‍ය දින දර්ශනය යොදා ගන්නා බව සඳහන් වන අතර, අද දින වනවිට පෘතුවියේ අනෙක් සියලුම රටවල් සිටින්නේ 2024 වසරේ වුවත්, ඉතියෝපියාව තවමත් සිටින්නේ 2016 වසරේයි.
Share This Article