ඥාණසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
Tuesday, 02 April 2024 - 13:31 | Views - 448
බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් අද (02) ප්‍රතික්ෂේප කළා.
එසේම, ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුවද ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, දැනට නියම කර තිබෙන වසර හතරක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥාණසාර හිමියන් ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Share This Article