දොඩම් ලෙල්ලෙන් හාස්කමක්, බඩ දැවිල්ලට අගනා ඔසුවක්..
Sunday, 31 March 2024 - 14:37 | Views - 861
දොඩම් යනු ඉතාම වටිනා ඖෂධීය ගුණ ඇති පලතුරකි සහ ඖෂධයක් ලෙසද හැඳින්වෙයි.

පෙර සුලබව පැවැතියද වන විනාශය හේතුවෙන් දැන් පැණි දොඩම් සොයා ගැනීම දුර්ලභය.

මෙහි සාමාන්‍ය ගුණ මධුර හා අම්ල රස මිශ්‍රය. වා, පිත්, සෙම් ත්‍රිදෝෂයම සමනය කළ හැකියි. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගයට අගනා ඖෂධයකි.

පලතුරක් වුවත් පැණි දොඩම් පෝෂ්‍යදායී ඖෂධයකි. මිරිකා ඉස්ම ගෙන වතුර දමා සූකිරි කුඩු මිශ්‍රකර පානය කිරීමෙන් ආමාශගත රෝග දුරුකරගත හැකියි.

එසේම, නිතර ගැනීමෙන් ශරීරය පෘෂ්ඨිමත් වෙයි. මාංසජනක ධාතු බහුලය.

දොඩම් ලෙලි කැබැලි කපා වියළා, කුඩුකර තබාගෙන තේ වතුර ලෙස පානය කිරීම ගැස්ට්‍රයිටිස්වලට ගුණදායකය.

ඒ සහ බී ගණයේ ජීව පදාර්ථ අඩංගු අතර සී විටමින් බහුල වෙයි. පැණි දොඩම් යුෂ කෝප්පයක ඩී විටමින් මිලිග්‍රෑම් 68 ක් අඩංගු වන අතර දත් මුල් දියවීම, ලේ ගැලීම, විදුරුමස් දියවීම ආදී රෝගවලට ඛෙහෙවින් ගුණදායකය.

අධික රුධිර පීඩනය ඇති අයට පැණි දොඩම් ටිකක් ගස්ලබු සමඟ මිශ්‍ර කර කෑම ගුණදායකය. රක්තවාත රෝගීන්ට, නිතර වමනය එන රෝගීන්ට බහුලවම ගුණදෙයි. අක්මා රෝගවලටත් ඉතාම සුදුසුයි.

පැණි දොඩම් මල්, කොළ, පොතු, ලෙලි, මුල් සියල්ල ඖෂධ සඳහා යොදා ගනියි. එබැවින් එය වටිනා ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය.


( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. ) 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top