ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සැමරෙන පාස්කු ඉරිදා දිනය අදයි !
Sunday, 31 March 2024 - 9:25 | Views - 639
ක්‍රිස්තූන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිපත් කරමින් කිතුනුවන් අලු බදාදා දිනයෙන් ඇරඹුනු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දානමාන, පාද නමස්කාරය ආදී වත්පිළිවෙත්වල නිරතවනවා.

දෙව්පුත් කිතු සමිදාණන් මිනිසා පවෙන් මුදාගැනීම වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම මහ සිකුරාදා දිනයේ කිතුනු බැතිමතුන් සමරන්නේ දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක්වෙමින්.

ක්‍රිස්තූන් වහන්සේ මළවුන්ගෙන් නැවත උත්ථාන වීම පාස්කු ඉරිදාවේ සිදුවූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඇතැමුන් මෙය නැවත නැගිටීමේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබනවා. අද දිනයේද දේව මෙහෙයන් ඇතුලු ආගමික කටයුතුවලට එක්වන කිතුනු ජනතාව කිතු සමිඳුන්ගේ සදාකාලික ප්‍රේමය සිහිපත් කරමින් මෙම සැමරුම සිදුකරයි.

මෙරට කිතුනු බැතිමතුන්ට පාස්කු ඉරිදාව අමතක නොවන දිනයක් වන්නේ 2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුනු පාස්කු ඉරිදා දිනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන්.

එදා පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයන් වෙනුවෙන් එක්වූ බැතිමතුන් සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් එම මිලේච්ඡ ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී තිබුණා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය, ශුද්ධ වූ සෙබස්තියන් මුණිතුමන්ගේ දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය බැතිමතුන්ගෙන් පිරී ගොස් තිබුණේ ජේසූස් ක්‍රිස්තුස් වහන්සේ යළි උත්ථාන වීමේ මහා බලය සැමරීම සඳහායි.

එහෙත්, පුපුරා ගිය බෝම්බ මව්පියන්ට දරුවන් මෙන්ම, දරුවන්ට මව්පියන්ද, අහිමි කළේ තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත් කරමින්.

කොළඹ ෂැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ලේක්සයිඩ් හෝටල් ද ඔවුන් ඉලක්ක කළ අතර, ප්‍රධාන ප්‍රහාරවලින් පසුව දෙහිවල ලැගුම් හලකින් සහ පස්වරුවේ දෙමටගොඩින්ද පුපුරුවා ගැනීම් වාර්තා වුණා.

එදා පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් ජීවිතයෙන් සමුගත් පිරිස 269 ක් බව වාර්තාවල සඳහන්.

එදා සුවහසක් කිතුනු ජනතාවගේ ඉවසීම, දහම විසින්ම ඔවුන්ට කියා දුන් දයාවේ වටිනාකම පෙන්නුම් කළ අවස්ථාවක් බවද අද සටහන් කළ යුතුමයි.

මේ අතර අදට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් ආගමික වතාවත් පැවැත්වෙන දේවස්ථාන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ සඳහා පොලිස් නිළධාරීන් 6,522ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 320ක් සහ ත්‍රිවිධ හමුදාවේ 2,746 ක් යොදවා තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top