රයිගම් ටෙලි සම්මාන රැසකින් හිරු පිදුම් ලබයි ! (Video)
Sunday, 31 March 2024 - 7:50 | Views - 621
ජාතියේ ටෙලි සම්මාන උළෙල - රයිගම් ටෙලීස් 2023 ඊයේ (30) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙවර සම්මාන රාත්‍රියේදීත් විශිෂ්ටත්වය තහවුරු කරන්නට හිරු TV සමත් වුණා.

මාසයක කාලයක් පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ ජනතා සමීක්ෂණයකින් පසු වඩාත් ජනගත කාණ්ඩයේ විශිෂ්ටයින් තෝරා ගැනුණු අතර, වඩාත් ජනගත ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ 'පැත්ත ගියත් ඇත්ත කියන' හිරු ප්‍රවෘත්ති විකාශයයි.

එමෙන්ම, ජනප්‍රියම මාධ්‍ය වැඩසටහන් නාලිකාවට හිමි සම්මානය දිනා ගත්තේ ද හිරු TV නාලිකාවයි.

වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක සම්මානයෙන් පිදුම් ලැබුවේ හිරු ප්‍රවෘත්ති අංශයේ සාරංග පතිරණයි.

මෙහිදී, වඩාත් ජනගත රූපවාහිනී මාධ්‍ය වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණේ හිරු ස්ටාර් රියැලිටි වැඩසටහනයි.

මීට අමතරව, රයිගම් ටෙලීස් 2023 සම්මාන රාත්‍රියේදී තවත් සම්මාන රැසකින් හිරු TV පිදුම් ලැබුවා.

වසරේ හොඳම රූපවාහිනී හඬ කැවීමට හිමි සම්මානය හිරු TV ඔස්සේ විකාශය වූ ජංගල් බුක් - Season 3 හි හඬකැවීම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එම්.ජේ. මෙලාන් මල්දෙණිය දිනාගත්තා.

වසරේ හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ හිරු ටීවී ART CAFE වැඩසටහනේ නිෂ්පාදක ලසිත ගුණසේකරයි.

වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය ලෙස චාගි වගීෂ විතාන විසින් අධ්‍යක්ෂණය කරන ලද Hiru TV නාලිකාවේ විකාශනය වූ Do Not Disturb ටෙලි චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා.

උළෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ අතර ප්‍රවීණ කලාකරුවන් සහ ජනමාධ්‍යවේදීන් රැසක් ඊට එක්ව සිටියා.

මෙරට මෙතෙක් පැවති ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවල වඩාත් විශිෂ්ටතම, ජනප්‍රියම හා වඩාත් ජනගතම සම්මානවලින් පිදුම් ලැබීමට හිරු TV සමත්වුණේ මෙරට ශ්‍රාවක හා ප්‍රෙක්ෂක ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය නිසයි.

ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් කවදත් කැපවන හිරු TV වෙත ඔබ තැබූ ඒ විශ්වාසයට අපගේ හද පිරි උත්තමාචාරය. 



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top