ඔයාටත් මෙවැනි පණිවුඩයක් ලැබුණා ද? දැනගන්න අනිවාර්යයෙන් කියවන්න
Friday, 29 March 2024 - 12:14 | Views - 228
ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග ලබා දෙන බවට පවසා හුවමාරු වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක තම සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබා ගත හැකි බවයි.
එසේම එවැනි ව්‍යාජ පණිවුඩ හරහා අනිෂ්ඨ මුද්‍රකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමක් සිදුවිය හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙනවා.
මීට අදාළව ලැබී ඇති පැමිණිලිවල ද ඉහළ යාමක් සිදුව ඇති බැවින් එවැනි පණිවුඩ විවෘත කිරිමට යාමෙන් වළකින ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.
Share This Article