මාස හතරක් බලන් ඉන්න ඕනේ නෑ , දැන් සාමාන්‍ය පෙළ ලියපු ගමන් උසස් පෙළට..
Thursday, 28 March 2024 - 14:57 | Views - 469
මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස එම දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පසු ප්‍රතිඵල නිකුත් වීමට ගතවන මාස 04ක පමණ කාලයේදී දරුවන් වෙනත් දේ සඳහා යොමු වන බවත්, නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ දරුවා අඛණ්ඩව අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගොනුවී සිටින බවත් සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආධාර මත ක්‍රිකට් තණ තීරු 10කින් සමන්විත මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ කිරීම මඟින් පාසල් තුළ උසස් පෙළ සඳහා පෙනී සිටින ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් එක්වර ගොනුවනු ඇති බවත් එය ප්‍රශ්නයක් නොවන පරිදි ඉඩකඩ කළමනාකරණය කර ගැනීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළ යුතුව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් අදියරෙන් අදියර සිදු කරමින් සිටින බවත් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සඳහා මුලින්ම 2001 වසරේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හඳුන්වා දුන් බවත් මේ වන විට හය ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් 500ක පමණ සංඛ්‍යාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන බවත් කී ඇමතිවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අනුකමිටුව පසුගිය සතියේදී ජනපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වා මෑත කාලයේ විශ්‍රාම ගිය ගුරුවරු වසර තුනක කාලයක් සඳහා තාවකාලිකව ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ජනපතිවරයා උපදෙස් ලබා දුන්නේ යැයි ද අවධාරණය කළේය.

එම කාලය තුළ දැනට පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරු ඒ සඳහා පුහුණු කිරීමට නියමිත බව ද සඳහන් වුණා. මෙවර අය-වැයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ඒකාබද්ධ වැඩසටහනක් යටතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට කටයුතු කරන ලෙස පාසල් ක්‍රිකට් සංගමයට උපදෙස් දුන් බවත් සඳහන් කළා.

රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වන සෑම දරුවකුටම සම අධ්‍යාපන අවස්ථාවක් ලබා දීම රජයේ වගකීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල් සමඟ විෂය නිර්දේශ යාවත්කාලීන කරමින් යන වැඩසටහන ලබන වාරයේදී ආරම්භ කරන බවත් කී ඇමැතිවරයා මේ යටතේ තෝරාගත් පාසල් 200ක එක, හය හා දහය ශ්‍රේණිවල මීට අදාළ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.

වර්ෂ 2025දී සියලු පාසල්වල 01, 06 හා 10 ශ්‍රේණිවලට මෙය හඳුන්වා දෙන බවත් කිසිදු අවස්ථාවක නිදහස් අධ්‍යාපනයට හානි වන තීන්දු රජය නොගන්නා බවත් කී ඇමතිවරයා ඇතැම් අය මෙය දේශපාලන සටන් පාඨයක් කරගෙන ඇතැයි ද අවධාරණය කළේය.

- අසේල කුරුළුවංශ 
















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top