මසකට පවුලක වියදම රුපියල් 68,056 යි..
Thursday, 28 March 2024 - 11:25 | Views - 326
පවතින ආර්ථික තත්ත්වය නම් එතරම් සුබ නෑ කියන එක හැමෝම දන්නවා.
එදා වේල පිරිමහගන්නත් විශාල පරිශ්‍රමයක් දරන්නට අපට සිදුවෙලා තිබෙනවා. ඉතින් මේ කියන පුවතත් ඒ හා සම්බන්ධ පුවතක්.
2024 වසරේ ජනවාරි මාසය සඳහා වූ දරිද්‍රතා රේඛාව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, මෙරට පුද්ගලයෙකුට දරිද්‍රතාවයෙන් මිදී අවම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නම් මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය වනවා.
හතර දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පමණක්, මසකට රුපියල් 68,056ක ආදායමක් අවශ්‍යයි.
කොළඹ ඒක පුද්ගල දරිද්‍රතා රේඛාව 18,350 ක් වනවා.
Share This Article