ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක්
Thursday, 28 March 2024 - 10:26 | Views - 609
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ කූරගල සිද්ධියට ( අපහාසාත්මක ආකාරයට ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට) වරදකරු කරමිනුයි.
මෙසේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණය විසිනුයි.
එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරනු ලැබුවා.
මීට පෙර 2016 දී කූරගල විහාරය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින්, කළ ප්‍රකාශයක් සම්බන්ධව ඥානසාර හිමිට ජාතික හා ආගමික සංහිදියාවට හානියක් සිදුකිරීමේ චෝදනාව එල්ල වුණා.
Share This Article