රාජපක්ෂ කට්ටුවට වැඩ වරදින ලකුණු , තීන්දුව ලබන මාසයේ ?
Wednesday, 27 March 2024 - 13:00 | Views - 187

ප්‍රසිද්ධ පාවහන් සමාගමකට අයත් සමාගම් අතර , කළමණාකාර අධ්‍යකෂකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි සජිත් රාජපක්ෂ, දැරූ සියලු තනතුරු වලින් නීතිවිරෝධී ආකාරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබු නඩුවේ නියෝගය ලබන (අප්‍රියෙල්) 30දා නිකුත් කිරීමට වාණිජ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
මෙසේ සජිත් රාජපක්ෂ ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ, මව් සමාගමේ ලාභයෙන් 60% කටත් වඩා ශුද්ධ ලාභයක් උපයා තිබූ මොහොතක බවද සඳහන්.
එසේම, ඉවත් කෙරූ තනතුරු වල නැවත සජිත් රාජපක්ෂ පිහිටුවන ලෙස අධිකරණය ලබා දුන් නියෝගයද නොසළකා හැරීමෙන්, වග උත්තරකරුවන් ( කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන, නෙලානි රාජපක්ෂ සහ අසංක රාජපක්ෂ ) අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින්, ඊට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ද එදිනට විමර්ශනය කිරීමට නියමිත යි.
තවද , වගඋත්තරකරුවන් මෙසේ කලමණාකාර අධ්‍යෂක දූර තනතුරු වලින් මොහු ඉවත් කර ඇත්තේ, සමාගම් පනත උල්ලංඝනය කරමින් හා ස්වාභාව යුක්ති ධර්මයට පටහැණි ආකාරයෙන් බවද , සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී සිය සේවාදායකයා වන සජිත් රාජපක්ෂ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකර අත්තනෝමතිකව ගත් තීරණ මත ඉවත් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී බවද නීතිඥවරයා එහිදී සඳහන් කළා.
එසේම , මෙම ක්‍රියාදාමයන් තුළින් දේශීය වශයෙන් දස දහස් ගණනකට දේශීය රැකියා සපයන මෙම සමූහ ව්‍යාපාරය ඉතා බරපතල අර්බුදයකට නුදුරේදීම පත්විය හැකි බවටද මේ වන විට මත ඵල වනවා.
Share This Article