'අයියෝ සාමි' ගීතයට ජාත්‍යන්තර සම්මානයක් ලබාගත් වින්ඩි
Wednesday, 27 March 2024 - 12:16 | Views - 319
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඉකුත් 24 දින පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී (16 th Edison Awards) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය දිනා ගැනීමට වින්ඩි ගුණතිලක සමත් වුණා.

ඒ ඇය විසින් ගායනා කරන ලද පොතුවිල් අස්මින් විසින් පද රචනය කළ ''අයියෝ සාමි'' ගීතය සඳහායි.

අදාළ අවස්ථාව සඳහා පොතුවිල් අස්මින් සහ මෙහි සංගීත‍ නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඊයේ (26) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඇය ” අයියෝ සාමි ” ගීතය ජාත්‍යන්තර ගීත දර්ශකවල ඉහළින්ම ඔසවා තැබීමට ලොව පුරා තම රසිකයන් පළ කර තිබූ මනාප සඳහා, ස්තුතිය පළ කර සිටියා.

එඩිසන් සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගයීම සදහා පවත්වනු ලබන අතර මෙවර එය පැවැත්වුණේ 16 වන වරටයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top