කෘතිම බුද්ධිය භාවිත කරමින් stockGPT නමින් වූ ,නවීන වේදිකාවක්...
Tuesday, 26 March 2024 - 18:54 | Views - 431
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Softlogic Stockbrokers විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් StockGPT නමින් වූ නවීන වේදිකාවක් ගොඩනඟා තිබෙනවා.
Microsoft Azure OpenAI ඇතුළු අති නවීන කෘතිම බුද්ධි තාක්ෂණයන් භාවිතා කරමින් මෙය ගොඩනගා තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
Softlogic හී තාක්ෂණික කණ්ඩායම විසින් නිර්මාණය කර ඇති මෙම නව මෘදුකාංගය, කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති සමාගම් පිළිබඳව ආයෝජකයන්ට යාවත්කලීන අවබෝධයක් ලබාදීම අරමුණු කරගෙන සකසා තිබෙනවා.
මෙම සමාගම්වල වාර්ෂික වාර්තා මෙන්ම වෙනත් මූල්‍ය සහ සංචාරක කර්මාන්ත වල වාර්තා ද StockGPT හරහා සෘජුවම විශ්ලේෂණය කර ගත හැකි වනවා.
එසේම කොළඹ කොටස් වෙළඳපළේ සමාගම්වල විකිණුම් ආදියේ තොරතුරු දැනගැනීම සඳහා ආයෝජකයන්ට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මේ හරහා අවම කර ගත හැකි අතර , ඉදිරියේදී මෙය තවදුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Stockbrokers හි අධ්‍යක්ෂක දිහාන් දැඩිගම සඳහන් කළේ.
Share This Article