ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවි සැරියට සමුදෙයි !
Tuesday, 26 March 2024 - 11:25 | Views - 380
ගායන ලෝකය වර්ණවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් සිට පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන්, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම්,නෙළුම් විලේ,සිතේ සතුට, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි ඇතුළු ගීත රැසකින් ගීත කලාව සුපෝෂණය කළ ඔහු මියයන විට 77 වැනි වියේ පසුවුණා.
කෙසේ වෙතත්, ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
Share This Article