නොරැවටී කමිටුව තීරණය කළ , නැකත පිළිපදින්න නැවතත් නිවේදනයක්...
Tuesday, 26 March 2024 - 8:25 | Views - 543
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රාජ්‍ය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥ කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නැකැත් පිළිපදින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවට නිවේදනයක් මඟින් දැනුම් දී තිබෙනවා.

1993 වර්ෂයේ සිට ප්‍රවීණ ජෝතිර්වේදින්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස් වී අදාළ වර්ෂය සඳහා නැකැත් සම්පාදය කර නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීම සම්ප්‍රදාය බවත්, ඒ අනුව, මෙම වසරේ 2023.10.02 දින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම වසරට අදාළ නැකැත් සීට්ටුව ප්‍රසිද්ධ කිරීමට අනුමැතිය ලබා දුන් බවත් එම නිවේදනයේ සඳහන්.

නමුත් මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් ශාස්ත්‍රානුකූල සහ නිවැරදි බවට එකඟ වී අත්සන්ද තැබූ ජෝතිර්වේදියෙක් තවත් සුළු පිරිසක් සමඟ සම්බන්ධ වෙමින් සාම්ප්‍රදායට අභියෝග කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, මෙම සංස්කෘතික විරෝධී මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ නැකැත් සීට්ටුවට අනුව, අවුරුදු චාරිත්‍ර සිදු කරන ලෙසයි එම අමාත්‍යාංශය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top