විකල්ප නැකත හරියටම හරියයි ද? ඒ ගැනත් දැනගෙනම ඉන්න
Sunday, 24 March 2024 - 10:48 | Views - 680

රාජ්‍ය නැකැත් කමිටුව මඟින් ලබාදී තිබෙන සිංහල අවුරුදු නැකැත් ෙදා්ෂ සහගත බවට ඇතිවූ ආන්‍ෙදා්ලනය උච්චස්ථානයට පත් කරමින් ජාතික ජේයාතිෂවේදීන්ගේ සංගමයේ නැකැත් කමිටුව ඉකුත් සතියේදී විකල්ප නැකැත් සීට්ටුවක් ඉදිරිපත්ක කළේය.
ඒ අනුව ප්‍රධාන වශයෙන් වෙනස්කම් ඇතිවී තිබෙන්නේ ළිප ගිනි මෙළවීම සහ ආහාර අනුභවය සඳහා වන ප්‍රධාන නැකැත් දෙකටය. එම නැකැත් වේලාවන්හි වෙනස පහත දක්වමු.
රාජ්‍ය නැකැත් කමිටුව මඟින් සම්මත කර පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කළ නැකැත් සීට්ටුවේ ආහාර පිසීම සඳහා නැකැත් ලබාදී ඇත්තේ අප්‍රේල් මස 13දා සෙනසුරාදා රාත්‍රි 11.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසීය. ජනගත කළ ජාතික නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව ළිප ගිනි මෙළවීම සහ ආහාර පිසීම සඳහා නැකැත ලබාදී ඇත්තේ අප්‍රේල් 14දා ඉරිදා පෙ.ව. 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසීය.
එසේම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවයට රාජ්‍ය නැකැත් කමිටුව අප්‍රේල් මස 13දා සෙනසුරාදා මධ්‍යම රාත්‍රි 12.06ට වන අතර ජාතික නැකැත් කමිටුව ජනගත කළ නැකැත් සීට්ටුවට අනුව ඒ සඳහා අප්‍රේල් 14දා ඉරිදා පෙ.ව. 07.07ට එළැඹෙන සුබ මොහොත ලබාදී තිබේ.
මේ හැරෙන්නට අනෙකුත් නැකැත් සඳහා විකල්ප නැකැත් කමිටුව ලබාදුන් නැකැත් රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත්වලින් වෙනස් වන්නේ සුළු වශයෙනි. ඒ පහත දැක්වෙන පරිද්දෙනි.
නැකැත් සීට්ටු දෙකේම හිස තෙල් ගෑම අප්‍රේල් 15දා සදුදා දිනට යොදාගෙන ඇතිමුත් රාජ්‍ය නැකැත් කමිටුව පෙ.ව. 10.17ද ජාතික නැකැත් කමිටුව පෙ.ව.10.23ද යන වේලාවන් දී තිබේ. රැකීරක්ෂා සඳහා පිටත්වීමේ දිනය නැකැත් සීට්ටු දෙකම අප්‍රේල් 17දා බදාදා දිනයට යොදා ඇති අතර රාජ්‍ය නැකැත් කමිටුව 06.52ට වේලාව දී ඇති අතර ජාතික නැකැත් කමිටුව 06.54ට වේලාව ලබා දී තිබේ.
අලුත් අවුරුදු උදාව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමෙන් සිදුවන බැවින් අවුරුදු උදා වේලාවේ වෙනසක් නොවේ. මෙම වෙනස අදාළ වන්නේ අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා ලබාදී ඇති නැකැත්වලටය.
නැකැත් පිළිබඳ අන්දෝලනය ආරම්භ වූ අයුරු,
රාජ්‍ය නැකැත් කමිටුව මඟින් මෙවර සිංහල අලුත් අවුරුදු උත්සවය සඳහා ලබාදී තිබෙන ප්‍රධාන නැකැත් ෙදා්ෂ සහගත බවට වාද විවාද ඇති වන්නට පටන් ගන්නේ මේ වසරේ මුල සිටම වාගේය. අවුරුදු නැකැත් පිළිබඳව ජේයාතිෂවේදීන් අතර වාද විවාද ඇතිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙවර අවුරුදු නැකැත් පිළිබඳව දැඩි විරෝධයක් දක්වන්නට වූයේ සාමාන්‍ය ජනතාවය. ඊට හේතු වූයේ අවුරුදු නැකැත් මධ්‍යම රාත්‍රියට යොදාගෙන තිබීමය. මධ්‍යම රාත්‍රියේ නැකැත් ලබාදීම ජනතාවට ප්‍රායෝගික නොවීම ඊට ප්‍රධාන හේතුව විය.
සිංහල අවුරුදු චාරිත්‍ර පවුලේ සියලු දෙනා එක්ව කරන්නක් වන හෙයින් නැකැතට ආහාර පිසීම සහ අනුභවයට පවුලේ වයස්ගත අය සහ දරුවන් සහභාගි කරගැනීමේ දුෂ්කරතාව මෙන්ම රාත්‍රියේදී කිරිබත් පිස ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද යන්න ගැනද කතිකාවන් ඇතිවිය.
විකල්ප නැකැත් සීට්ටුව එළි දැක්වීම,
ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (21දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී ජාතික නැකැත් කමිටුව විසින් සකස් කරන ලද විකල්ප නැකැත් සීට්ටුව ජනගත කෙරිණි. ජාතික ජේයාතිෂවේදීන්ගේ සංගමය විසින් කැඳවූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී ජාතික නැකැත් කමිටුවේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මාධ්‍ය හමුවේදීම කියවා ජනගත කරන ලද්දේ ප්‍රවීණ ජේයාතිෂවේදී ජනක මාධව නවරත්න විසිනි.
එහිදී අදහස් දැක්වූ ජාතික ජේයාතිර්වේදීන්ගේ සංගමයේ සභාපති රවිශංඛ සේනානායක මහතා රාජ්‍ය නැකැත් කමිටුව මඟින් 13දා මධ්‍යම රාත්‍රියේ යක්කු ගස් යන වේලාවට ලබාදී ඇති සිංහල අවුරුදු නැකැත් වෙනුවට ශාස්ත්‍රානුකූල ලෙස සැකසූ ප්‍රායෝගික නැකැත් මෙරට ජනතාවට ලබා දෙන බව පැවැසීය.
අලුතින් ලබා දුන් නැකැත්,
රාජ්‍ය නැකැත් කමිටුවේ හෝ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයකු නොවන ප්‍රවීණ ජේයාතිෂවේදී ඉන්දික තොටවත්ත ද මෙම මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත්වල ෙදා්ෂයන් පෙන්වා දෙමින් කිසිදු බියක් සැකයක් නොමැතිව ජනගත කළ නැකැත් සීට්ටුව අනුව කටයුතු කරමින් රටටත් තමන්ටත් සෞභාග්‍ය උදා කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
- මව්බිම
Share This Article