මැදින් පුර පසළොස්වක පොහොය අදයි!
Sunday, 24 March 2024 - 10:09 | Views - 398
උතුම් මැදින් පුර පසළොස්වක පොහොය අදට (24) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස මැදින් පුර පසළොස්වක පොහොය හැඳින්වීමට හැකියාව පවතිනවා.

බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.

කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද සිදු වූ බවද ශාක්‍ය සහ කෝලීය දෙපිරිස නියෝජනය කරමින් තවත් බොහෝ පිරිසක් ද බුදු සසුනේ පැවිදි වීම මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ බවද සඳහන්.

එමෙන් ම යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිමද අද වැනි දිනක සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

මේ අතර මැදින් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.

උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව අද උදෑසන ආරම්භ වුණා. ඒ අතිපූජ්‍ය ඇටිපොල මහින්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්.

උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය, පූජ්‍ය බුළුමුල්ලේ සුමනරතනාභිධාන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි. විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ පූජ්‍ය නාරංපනාවේ ශ්‍රී ආනන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව පෙරවරු 11 ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍යශූරී, කාව්‍ය විශාරද පූජ්‍ය හසලක සුමිත්ත හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.

පස්වරු 3.30 ට කාලීන ධර්ම සාකච්ඡාව පූජ්‍ය මොරගස්වැවේ විජිත ස්වාමීන් වහන්සේ, පේරාදේණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත් සහ ප්‍රවීන ජීවවිද්‍යා ආචාර්ය තිස්ස ජනනායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

මීට අමතරව මැදින් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් අද මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය කේන්ද්‍ර කර ගනිමින් හිරු සීල පාරමිතාවට සමගාමීව සිදු කිරීමට නියමිතයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top