චන්ද්රිකාවක් ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටෙයි ?
Wednesday, 21 February 2024 - 12:37 | Views - 1,056
පුරෝගාමී යුරෝපීය චන්ද්රිකාවක් ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට පතිත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
යුරෝපා අභ්යවකාශ ආයතනය නිවේදනය කරන්නේ, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ මෙම චන්ද්රිකාව අද (21) පොළොවට කඩා වැටීමට නියමිත බවයි.
එසේම අදාළ චන්ද්රිකාව, පෘථිවි කක්ෂයට යවා රැඳවූයේ 1995 දී වන අතර, එය කඩා වැටීම ආරම්භ වූයේ 2011 වසරේ සිටයි.
ERS-2 නැමති මෙම චන්ද්රිකාවේ ඇස්තමේන්තුගත බර රාත්තල් 5057ක ප්රමාණයක් බවද වාර්තාවල සඳහන්.
එසේම, එය අද දිනයේ අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින්, පෘථිවිය මතට කඩා වැටීමට නියමිත බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවන බවත් යුරෝපා විද්යාඥයන් වැඩිදුරටත් සඳහන් කළා.
එයින් අනතුරක් නොවන්නේ, පෘථිවි වායුගෝලයට පිවිස, අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වීම හේතුවෙනුයි.
Share This Article