අම්මෝ , මීමැස්සන්ගේ ලිංගික ජීවිතය කොයිතරම් නම් පුදුම සහගත ද ?
Friday, 24 November 2023 - 8:58 | Views - 1,447
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික ජීවිතය කොයිතරම් පුදුමසහගතද කියල.
අපි නිතර පිපුනු මලයි මීමැස්සයි ගැන සිංදු කවි අහලා තියෙනවා. එතනදි මල ගැහැණු විදිහටත් මීමැස්සා පිරිමි විදිහටත් තමයි කවිය
ලියවෙන්නෙ. පරිකල්පන ලෝකෙ එහෙම වුනාට ඇත්ත ලෝකෙ කිසි දවසක පිරිමි මීමැස්සෙක් පැණි එකතු කරන්නෙ නෑ. මල් ගානෙ යන්නෙ ගැහැණු මීමැස්සො විතරයි.

මීමැස්සන්ගෙ හැම වැඩක්ම කරන්නෙ වැඩකාර මැස්සියො. මීවද බඳින්නෙ, පැණි එකතු කරන්නෙ, පැටව් ලොකුමහත් කරන්නෙ ඔක්කොම මේ පුංචි වැඩකාර මැස්සියොන්ට අයිති වැඩ. මේ වැඩකාර මැස්සියන්ට සෙක්ස් කරන්න බෑ. ඒ අයගෙ ප්‍රජනන ඉන්ද්‍රයයන් වැඩිලා නෑ. ඒ අය ජීවත් වෙන්නෙත් සති කීපයයි.

මීවදයක් පවතින්නෙ මීමැසි රැජිනක් හින්ද. එක මීවදේකට ඉන්නෙ එක රැජිණයි. ඒක එයාගෙ රාජ්ජෙ. අනිත් ගෑණු ඔක්කොම වැඩකාර මැස්සියො. පොඩිකාලෙ මේ මීමැසි පිලවුන්ට හැදෙන්න දෙනවා රෝයල්ජෙලි කියල ශ්‍රාවයක්. ඒක දිගටම ලැබෙන්නෙ රැජිණකට විතරයි. ඒ හින්ද රැජිණ අනිත් අයට වඩා විශාල හැදෙනවා. එයාගෙ ප්‍රජනන ඉන්ද්‍රිය සම්පූර්ණයෙන් වැඩෙනවා. වැඩකාර මැස්සියන්ට රෝයල්ජෙලි ලැබෙන්නෙ ටිකයි. ඒ හින්දම ඒ අයගේ ශරීරය පුංචියි.

මේ වැඩකාර මැස්සියො මුලින් රැජිනගෙ ආවතේව කරනවා. ඊට පස්සෙ මීවදෙන් පිටත වැඩවල යෙදෙනවා. අන්තිම කාලෙදි තමයි මීපැණි හොයාගෙන යන කොටස පැවරෙන්නෙ. ඒක ඉතාම අන්තරායකාරී ගමනක්. කාගෙ හරි ගොදුරක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. සමහර විට හුළඟට ගහගෙන ගිහින් පාර හොයාගන්න බැරි වෙනවා. අසනීප වෙලා මැරෙනවා.

පිරිමි මී මැස්සො ඉපදෙන්නෙ සෙක්ස් කරන්නම විතරයි. උන් ලොකුයි. ඔලුව වටේටම ඇස් විශාලව පැතිරිලා තියෙනවා. ඒ තියෙන්නෙ කන්‍යා රැජිණියන්ව අහසේදිම දැකගන්න. අනිත් මීමැස්සියන්ට වගේ පිරිමි මීමැම්සන්ට හදිස්සියට විදගන්න දළයක්වත් නෑ. උන් පුළුවන් වුනු ගමන් මීවදෙන් එලියට ගිහින් අනිත් මීවදවල රැජිනවල් ලුහුබඳිනවා.

රැජින තමයි මීවදයක හැම මීමැස්සෙකුගෙම අම්මා වෙන්නෙ. වැඩකාර මීමැස්සියන්ටත් බිත්තර දාන්න පුළුවන්. ඒත් සංසේචනය නොවුනු ඒ බිත්තරවලින් හැදෙන්නෙ පිරිමි සත්තු. රැජින තෝර තෝර මේ බිත්තර කනවා එයාට අවශ්‍ය විදිහට ජනගහනය පාලනය කරන්න. ඒ හින්ද වැඩකාර මැස්සියකගෙ දරුවෙක් හැදෙන්නෙ එහෙමත් කලාතුරකින්. හොරෙන්.
මී වදයක ජනගහනය වැඩි වුනාම ඉඩකඩ මදි වුනාම ඒ ගොල්ලො තීරණය කරනවා තව රැජිනක් හදන්න. ඒ රැජින වෙනුවෙන් කුටීරයක් ඉදි වෙනවා. ඒ රැජිනව රෝයල්ජෙලි දීලා ලොකුමහත් කරනවා. ඊට පස්සෙ සෙක්ස් කරපිය කියල මීවදෙන් එලියට එලවනවා. සෙක්ස් නොකරන කල් රැජින රැජිනක් විදිහට බාරගන්නෙ නෑ.

කන්‍යා රැජිනගෙ මංගල ගමන ඉතාම සුවිශේෂයි. ඒක එයා ලොකු අවදානමක් අරගෙන යන ශෘංගාර චාරිකාවක්. එයා පිරිමි මීමැස්සො ගැවසෙන නිදහස් ප්‍රදේශයකට ඉගිල්ලෙනවා. රැජිනක් එනකල් කල්මරමින් ඉන්න පිරිමි මීමැස්සො ඇයව දකිනවා. ලුහුබඳින්න පටන් ගන්නවා. එතකොට රැජින පුළුවන් තරම් අහසේ ඉහළට ගමන් කරනවා. එයාට ඕන වඩාත් ශක්තිමත්ම පිරිමින්ගෙ ශුක්‍රානු එකතු කරගන්න.

පිරිමි මී මැස්සො අහසෙ පියාඹන අතරෙ රැජින එක්ක සංසර්ගය කරනවා.

මේ සංසර්ගයේ අවසානයේදී පිරිමි මීමැස්සාගේ ලිංගේන්ද්‍රිය පුපුරා යනවා. ඌ රමණයෙන් පස්සෙ අහසෙන් බිමට වැටෙන්නෙම මරණයක් විදිහට.
ඊළඟ මීමැස්සට සිද්ද වෙනවා රමණයට කලින් පෙර මීමැස්සාගේ පුපුරා ගිය ලිංගේන්ද්‍රියෙ කොටස් පිරිසිදු කරන්න.

මීමැසි රැජින මේ විදිහට දුසිමක් විතර පිරිමි මැස්සො එක්ක අහසෙ රමණය කරනවා. ඒ හැමෝගෙම ශුක්‍රානු වෙන වෙනම තැන්පත් කරගන්නවා. ඒක නිසා හොඳ ජාන විවිධත්වයක් ඇති මීමැසි පරපුරක් බෝකරන්න ඇයට පුළුවන් වෙනවා.

අලුත් රැජින කන්‍යා චාරිකාවෙන් ආපහු ආවට පස්සෙ මව් රැජින ඇගේ පිරිවරත් එක්ක මීවදෙන් පිටව යනවා. ගිහින් වෙන අලුත් වදයක් තනා ගන්නවා.

අවුරුදු හතරක් පහක් ජීවත්වෙන මීමැසි රැජිනක් රමණය කරන්නෙ මේ චාරිකාවෙදි විතරයි. ඊට පස්සෙ එයා කිසි දවසක මීවදෙන් එලියට යන්නෙ නෑ. බිත්තර දාන එකයි උපත් පාලනයයි තමයි කරන්නෙ.

උපුටාගැනිමකී..
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top