නියුටි්රනෝ අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්ෂය නිර්මාණය කිරීමට චීනය සූදානම් වෙනවා.
මෙම දුරේක්ෂය චීන බසින් හයි ලින්ග් ලෙස නම් කරඇති බවයි සඳහන් වන්නේ.
චීනය නිවේදනය කර ඇත්තේ සාගර ජල මට්ටමේ සිට මීටර් 3,500 ක් ගැඹුරින් බටහිර පැසිෆික් සාගර පතුලේ ඉදි කරනු ලබන මේ දුරේක්ෂය 2030 වසරේ දී සම්පූර්ණයෙන් තනා නිම කිරීමට අපේක්ෂා කරන බවයි.
එමඟින් ඝන කිලෝ මීටර් 7.5 ක් ආවරණය කළ හැකි අතර ලොව දැනට තිබෙන විශාලම නියුටි්රිනෝ දුරේක්ෂයෙන් ආවරණය වන්නේ ඝන කිලෝමීටරයක ක්ෂේත්රයක් පමණක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.