Shi Yan 6 ගැන දැඩි අවධානයක් ?
Friday, 18 August 2023 - 10:25 | Views - 578
කොළඹ සහ හම්බන්තොට ගැඹුරු මුහුදු වරායේ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන Shi Yan 6 නව චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාව පිළිබඳව ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Shi Yan 6 නෞකාව ඔක්තෝම්බර් 25 වන දින ශ්‍රී ලංකාවට ළඟා වන අතර, දින දාහතක කාලයක් ශ්‍රී ලංකා මුහුදේ දකුණු ප්‍රදේශයේ පර්යේෂණ මෙහෙයුම්වල නිරත වනු ඇති බවයි වාර්තා වන්නේ.

වසර ගණනාවක් පුරා, අති නවීන චීන පර්යේෂණ (සමීක්ෂණ) යාත්‍රා 19කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදට ළඟා වී තිබෙනවා.

The People's Liberation Army නාවික හමුදාවට අයත් Qian Sanqiang නෞකාව 2017 පෙබරවාරි 2 වන දින ශ්‍රී ලංකාවට පැමිණ දින හතරක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටියා.

Xiang Yang Hong 3 නෞකාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2017 දෙසැම්බර් 13 වන දින වන අතර, දින 18 ක කාලයක් කොළඹ සහ ත්‍රිකුණාමලයේ රඳවා තබා තිබුණා.

Xiang Yang Hong 3 නෞකාව 2019 දෙසැම්බර් 22 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර 2020 ජනවාරි 5 වන දින දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටියා.

Xiang Yang Hong 18 නෞකාව 2018 ජනවාරි 6 වන දින ශ්‍රී ලංකාවට ළඟා වූ අතර දින හතරක් ශ්‍රී ලංකා මුහුදේ රඳවා තැබුණා.

Shi Yan 3 Secinetific Research යාත්‍රාව 2018 අප්‍රේල් 20 වැනි දින ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ළඟා වූ අතර දින හතරක් ශ්‍රී ලංකා මුහුදේ රැඳී සිටි බවයි දැන ගන්නට ලැබෙන්නේ. 

ඉන්පසුව, Shi Yan 3 නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණියේ 2020 මැයි 15 වන දිනයි. එදින සිට දින හතක් ශ්‍රී ලංකා මුහුදේ රැඳී සිටියා.

The People's Liberation Army නාවික හමුදාවට අයත් Qiang Weichang - නාවික ඒකාබද්ධ පර්යේෂණ යාත්‍රාව 2019 අගෝස්තු 8 වන දින ශ්‍රී ලංකාවට ළඟා වූ අතර දින තුනක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රඳවා තැබුණා.

තවද, Xiang Yang Hong 1 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව 2019 අප්‍රේල් 11 වන දින ශ්‍රී ලංකාවට ළඟා වූ අතර එය 2019 අප්‍රේල් 15 වන දින දක්වා මෙහි මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබුණා.

The People's Liberation Army නාවික හමුදාවට අයත් නෞකාවක් වන Zhu Ke Zhen - ඒකාබද්ධ පර්යේෂණ යාත්‍රාව 2019 නොවැම්බර් 14 වන දින ශ්‍රී ලංකාවට ළඟා වූ අතර දින පහක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටියා.

එමෙන්ම, Xiang Yang Hong 6 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව 2019 දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවට ළඟා වූ අතර 2020 ජනවාරි 17 දක්වා ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම්ලා තිබුණා.

Xiang Yang Hong 19 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව 2020 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා මුහුදට ළඟා වූ අතර එය දින නවයක් නැංගුරම්ලා තිබුණු බවයි වාර්තා වන්නේ.

Shi Yan 1 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව 2020 අප්‍රේල් 11 වන දින ශ්‍රී ලංකාවට ළඟා වුණා.

තවද, Hai CE 3301 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව ශ්‍රී ලංකාවට තුන් වතාවක් ළඟා වුණ බවයි වාර්තා වන්නේ.

පළමුවැන්න 2021 ජනවාරි 8 වන දින වන අතර පසුව 2021 දෙසැම්බර් 8 වන දින ආපසු පැමිණ ශ්‍රී ලංකා ජලයේ දින 14 ක් රැඳී සිටියේය.

පසුව, Hai CE 3301 යානය නැවතත් 2022 ජනවාරි 5 වන දින ශ්‍රී ලංකාවට පැමිණ දින 11ක් නැංගුරම්ලා තිබුණා.

ඔක්තෝම්බර් 25 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන Shi Yan 6 නෞකාව මීට පෙර 2022 අප්‍රේල් 20 වන දින ශ්‍රී ලංකාවට පැමිණ දින 10ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටියා.

Shi Yan 6 යාත්‍රාව 2023 ජූලි 6 වන දින චීනයෙන් පිටත්ව ගොස් ඇති අතර අඟහරුවාදා (15) පස්වරුව වන විට යාත්‍රාව වියට්නාමයේ සිට නාවික සැතපුම් 345 ක් පමණ දුරින් දකුණු චීන මුහුදේ ස්ථානගත කර තිබුණා.

කෙසේ වෙතත්, එය චීනය දෙසට ගමන් මාර්ගය වෙනස් කර ඇති අතර, එහි ඊළඟ ඇමතුම් වරාය Guangzhou වරාය වෙත යාවත්කාලීන කර තිබෙනවා.

එය බ්‍රහස්පතින්දා (17) වරායට ළඟා වීමට නියමිතව තිබුණ ද එය ස්ථානගත කර තිබුණේ Guangzhou වරායේ සිට නාවික සැතපුම් 60ක් පමණ දුරින්.

2022 දී චීන පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාව යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට සේන්දු වුණු අතර, මෙම වරාය කලාපය තුළ එය බොහෝ ආන්දෝලනයකට තුඩු දුන්නා.

ඒ සමඟම, ශ්‍රී ලංකා මුහුදු තීරයේ චීන නාවික කටයුතු සම්බන්ධයෙන් අත්සන් කර තිබූ ගිවිසුමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

දකුණු චීන මුහුදේ සාගර විද්‍යා ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අතර මෙම ගිවිසුම 2019 ජූලි 5 වන දින අත්සන් කෙරුණා.

මුහුදු මට්ටම, වඩදිය බාදිය සහ කාලගුණික රටා නිරීක්ෂණය කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කර ඇත.

දික්ඕවිට සහ දෙවුන්දර තුඩුවේ සාගර මට්ටම නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම මෙම ගිවිසුමට ඇතුළත්.

තංගල්ලට ඔබ්බෙන් වූ මුහුදේ බෝයාවන් ස්ථානගත කිරීම ද, වඩදිය බාදිය, මුහුදු මට්ටම සහ කාලගුණික රටා සඳහා දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම ද ඊට ඇතුළත්.

දත්ත හුවමාරු වන්නේ ඉහත කී ආයතන දෙක අතර පමණක් බවත්, එය තුන්වන පාර්ශ්වයකට මුදා හැරිය නොහැකි බවත් ගිවිසුමේ සටහන් වෙනවා.  






Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top