ස්ථුලතාවය ලොකු හිසරදයක් වෙලා ද
Saturday, 15 September 2018 - 10:59 | Views - 4,360
වර්තමාන සමාජය තුල ජිවත්වෙන බොහෝදෙනාට තියෙන බරපතල සෞඛ්‍යය ගැටලුවක් තමයිමේ තරබාරුකම/ස්ථුලතාවය(Obesity) කියලා කියන්නේ.ඉතින් මේක පුද්ගලයාගෙන්පුද්ගලයාට බෝ වෙන්නේ නැති උනාට ගැහැණු ,පිරිමි දෙපාර්ශවයටම ලොකු හිසරදයක්වෙලා අවසානයි.ස්‌ථුලතාවය අඩු කරගැනීමට ආහාර පාලනය සිදු කළ යුතු අතර ශරීරයේගබඩා වී ඇති අධික කැලරි ප්‍රමාණය දහනය කිරීම සඳහා ව්‍යායාම වල නිරත වීමඅනිවාර්ය වේ.නමුත් කාර්යබහුල අයට මෙසේ ව්‍යායාම වල නිරත වෙන්න වෙලාවක්නැහැ.අන්න ඒ නිසාම මේ රහස් ඛෙහෙත් වට්ටෝරු ඔබේ එදිනෙදා ජීවිතයට යොදා ගන්න.

මෙන්න ඔබට රහස් වට්ටෝරුව,
වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න එයින් ඔබට ශරීර බර අඩු කර ගැනීමට උපකාරයක් ලැබේ.
උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මගින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි.
රාත්‍රියටසැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහිඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න.මෙයදිනපතා කිරීමෙන් සිරුරේ බර අඩු කර ගන්න පුළුවන්.
උදේ ආහාරය ලෙස කොළ කැද වතුර පමණක් ආහාරයට ගන්න.එයට ඉගුරු කැබැල්ලක්ද එකතු කිරීමෙන් ගුණ වැඩි වෙයි.
කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමග මිශ්‍රකර උදේට පානය කරන්න.
ගෝවා මගින් ශරීර බර අඩු කරයි. දෙහි යුෂ සමග සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.
දිනපතාආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානයකරන්න.ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර  බර අඩු කරයි.
මේඅනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනාපිටුවහලක් ලැඛෙනවා .ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් ඛෙහෙත්ද ඇතිබව ඔබ දැන් දන්නවා.
සාමාන්‍යයෙන් ඔබ ස්ථුලතාවය මග හරවා ගැනීමට කරන දේවල්.

ආහාරපුරැදු වෙනස් කිරිම - මේද සහිත ක්ෂණික ආහාරයන්ගෙන් වැළකිම.ආහාරයේ අඩංගුමේද ප්‍රමාණය අඩුකිරිම.නියමිත ආහාර වේල් ප්‍රමාණය ලබාගැනිම සහ එවායේප්‍රමාණය අඩුකිරිම.අමතර ආහාර වේල් ප්‍රමාණය අඩුකිරිම.ආහාරයට පළතුරැ එක්කරගැනිම . නිවසේ සකස් කරන ලද ආහාර ලබාගැනිම.කුඩා ළමුන් නිතර ආහාර ලබාගැනිමවැළැක්විම සදහා නිවසේ ආහාර ගබඩා කර තැබිම අවම කිරිම.

දේහ ස්කන්ධයේසිදුවන වෙනස්විම නිතර මැනබැලිම - ඉහත වෙනස්විම් සමඟ දේහයේ ස්කන්ධයේ සිදුවනවෙනස්විම ප්‍රමාණාත්මකදැයි මැනබැලිය යුතුය.එසේ නොවන්නේනම් ඊට අනුරැපවෙනස්විම් සිදු කළ යුතුය.

ශල්‍යයමය ප්‍රතිකර්ම - ආමාශයෙන් කොටසක්කපා ඉවත් කිරිම මගින් ආමාශයේ ධාරිතාවය සහ ආහාර ලබාගන්නා ප්‍රමාණය අඩුකිරිම,ආමාශයට ඇතුල්වන ආහාර ප්‍රමාණය පාලනය කිරිම වැනි ක්‍රමවේදයන් යොදාගතහැකිය.

හැසිරිම් රටාවේ සහ චර්යාත්මක වෙනස්විම් සිදුකිරිම - දේහයටලබාගන්නා කැලරි ප්‍රමාණයට සාපේක්ෂව සුදුසු ක්‍රියාකාරිත්වයක් පවත්වාගැනිම.දිපනපතා නියමිත වේලාවක් සුදුසු ව්‍යායාම් වල නිරතවිම.(ව්‍යායාම් වලනිරතවිමට පෙර සුදුසු වෛද්‍යයවරයකුගේ උපදෙස් ලබාගත යුතුය.හෘදයාබාධ සහ ශ්වසනආබාධ පවතින පුද්ගයන්ගේ ව්‍යායාම කිරිමට පවතින හැකියාවන් සීමා සහිතය.) හැකිසැමවිටම කයවෙහෙසා කරන වැඩවල නිරතවිම.එසේම කුඩා ළමුන් රෑපවාහිනි සහ පරිගණකක්‍රීඩාවල නිරතවන කාලය සීමාකිරිම සහ සුදුසු ක්‍රිඩා වලට යොමු කිරිම.

ඖෂධප්‍රතිකාර ලබාගැනිම - ඉහත ප්‍රතිකාරයන් සමඟ සැලකිය යුතු වෙනසක්සිදුනොවන්නේ නම් හෝ විශේෂීත රෝග තත්වයක් පවති නම් එ සදහා සුදුසු ඖෂධ ගබා ගතයුතුය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top