Facebook සමාගම හඳුන්වා දුන් නවතම තාක්ෂණය මෙන්න
Thursday, 06 April 2017 - 15:23 | Views - 5,313
ෆේස්බුක් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නතර කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා Facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ ක්‍රමවේදය හඳුන්වන්නේ Photo-Matching Technologies ලෙසයි.

ඒ අනුව යම් කිසි පුද්ගලයෙකුගේ අකමැත්තකින් ඔහුගේ හෝ ඇයගේ අසභ්‍ය වීඩියෝ පටයක් හෝ අසභ්‍ය ඡායාරූප Facebook හරහා හුවමාරු වුවහොත් ඔහුට හෝ ඇයට කඩිනමින් ඒ පිළිබඳව Facebook ආයතනයට Report කළ හැකියි.

එහිදී අදාළ කටයුතු සිදුකිරීමට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් විසින් අදාළ ඡායාරූප සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර ඒවා ඉවත් කිරීමට කඩිනම් පියවර ගනු ඇති.

මේ අතර එවැනි අවස්ථාවල අපහසුතාවයට පත්වූ පාර්ශවය පිළිබඳව සලකා බලා අදාළ ඡායාරූප හුවමාරු වන Facebook ගිණුම් අත්හිටුවීමද සිදුවිය හැකි බවයි Facebook සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

දැනට අන්තර්ජාලයට එක්කර ඇති අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ පටද මේ වනවිට Facebook සමාගම විසින් හඳුනාගෙන ඇති අතර අදාළ ක්‍රමවේදයට අනුව එවැනි දෑ Facebook ගිණුම් හරහා හුවමාරු කිරීමටද අවසර නොමැති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top