අධිවේගී මාර්ගයේ වේගයට තිත වැටුණු , නිරුවත් ගැහැණියගේ අලකලංචිය... (Photos)
Saturday, 29 July 2023 - 8:48 | Views - 2,822
අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා.

ඒ, එතැනදී සිය මෝටර් රථයෙන් බැස ගත් නිරුවත් කාන්තාවක් සෙසු මෝටර් රථ පසුකරමින් තුවක්කුවක් එල්ල කොට ගෙන වාහනවලට වෙඩි තබන්නට පටන් ගැනීමයි.

මෙහිදී කිසිවකුට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවත් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

මේ සිදුවීම සැකෙවින් මෙසේයි, California Highway Patrol වෙත සවස 4.40 ට පමණ ඇමතුම් 911 ක් ලැබී තිබුණා. ඒ, නොසැලකිලිමත් රියදුරකුගේ නොහොඹිනා වැඩක් ගැන කියමින්.

මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් ඇය ගමන් ගත් මංතීරුව මැද රිය නතර කර ඉන් බැස පිහියක් සහ තුවක්කුවක් රැගෙන අනෙක් රියැදුරන්ට තුවක්කුව පෙන්වමින් කෑ ගැසීමට පටන් ගෙන තිබෙනවා.

පසුව එම කාන්තාව මෝටර් රථයට ඇතුළු වී මඳ දුරක් ගොස් ටෝල් ප්ලාසාහිදී නැවතත් නිරුවත්ව රියෙන් බැස තුවක්කුවක් අතැතිව ගමන් කර තිබෙනවා.

ඇය වෙනත් වාහනවලට කෑගසමින් අහසට වෙඩි තැබීමට පටන් ගෙන තිබෙනවා, අනෙක් වාහනවල රියැදුරන් මේ සිදුවන්නේ කුමක්දැයි වික්ෂිප්ත වී ඇති අතර ඔවුන් තුළ පෙනෙන්නට ලැබුණේ ව්‍යාකූල වූ බවක්.

"ඔවුන්ගේ සිත් තුළ වූයේ කිසියම් අනතුරක් සිදුවී ඔවුන් ඒ වටා ධාවනය කරනවා වැනි හැඟීමක්. " යැයි CHP ප්‍රකාශක ඇන්ඩෲ බාර්ක්ලේ ප්‍රකාශ කර තිබෙනවා.

"ඔවුන් එහා මෙහා ධාවනය කිරීමට උත්සාහ කරන විට, ඇය අනෙක් වාහන දෙසට වෙඩි තැබීමට පටන් ගත්තා. පසුව කාන්තාව බිම වාඩි වී අනෙක් මෝටර් රථවලට වෙඩි තියන්න පටන් ගත්තා." ඇන්ඩෲ බාර්ක්ලේ වැඩිදුරටත් පැවසුවා.

ඉන්පසු, කැලිෆෝනියාවේ අධිවේගී මාර්ග මුර භටයින් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ඔවුන් ඇයගේ ආයුධය බිම තබන ලෙස එම කාන්තාවගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එළෙස කිරීම ප්‍රතික්ෂේප කළ එම කාන්තාව පසුව සිය ගිනි අවිය බිම දමා පොලිස් භාරයට පත් වූ බව නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කරනවා.

අදාළ කාන්තාව ප්‍රාදේශීය රෝහලක මානසික සෞඛ්‍ය අංශයේ රඳවා තබා ඇති බවයි මාධ්‍ය ආයතන වාර්තා කළේ.

ඇය මානසික රෝහලෙන් මුදා හැරෙන දිනයක් ගැන නිශ්චිතව සඳහන් නොකරන අතර අදාළ චෝදනා යටතේ ඇයට නඩු පවරනු ඇති බව පොලිසිය
සඳහන් කරනවා.

වසරකට මිලියන 40 ක පමණ ජනතාවක් මෝටර් රථවලින් එහා මෙහා යන මෙම මාර්ගය පැයකට වඩා වැඩි කාලයක් වසා දමා තිබුණු බවයි වාර්තා වන්නේ. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top