අස්වැසුම පෝලිමේ හදිසි මරණයක් !
Thursday, 27 July 2023 - 11:39 | Views - 1,009
අස්වැසුම වැඩසටහන පිළිබදව සොයා බැලීම සඳහා ඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ, පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
නමුණුකුල ප්රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙකුයි අද උදෑසන මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
කෙසේ වෙතත්, මේ දිනවල අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවනවා.
Share This Article