හෙට පැය නමය හමාරක කාලයක්, ජල සැපයුම අත්හිටුවෙන තැන් මෙන්න..
Tuesday, 25 July 2023 - 16:12 | Views - 3,159
ප්රදේශ කිහිපයකට ජල සැපයුම හෙට දිනයේ (26) අත්හිටුවන බව වාර්තා වෙනවා.
රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නමය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙන්නේ.
පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල සහ අත්තනගල්ල ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Share This Article