විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක්..
Sunday, 23 July 2023 - 15:44 | Views - 2,123
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේදී සිදුව ඇති දුර්වලතා හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ ඉලුක්පිටිය හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියේ පවතින තත්ත්වය මත ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් තිස්පන් දහසකට අධික ප්‍රමාණයෙන් නිකුත් කිරීමට හැකිව ඇත්තේ විදෙස් ගමන්බලපත්‍ර 3,700 ක් පමණක් බවයි.

මේ වන විට ලැබී ඇති අයදුම්පත් අතරින් 28,959 ක් සාමාන්‍ය අයදුම්කරුවන් වන අතර අයදුම්පත් 6,186ක් එක්දින අයදුම්කරුවන්.

බොහෝ අයදුම්කරුවන් ඇගිලි සළකුණු නිසි පරිදි සටහන් නොකිරීම, ජීව දත්ත නිසි පරිදි යොමුනොකිරීම සහ ලිපිලේඛන මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමුකිරීමේදී නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ යොමු නොකිරීම වැනි දුර්වලතා පෙන්නුම් කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇමතීමෙන් හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගැනීමෙන් ගැටලු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව නිවැරදි අයදුම්පත් යොමුකරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top