කාන්තාවන්ට වඩා ඉදිරියෙන් ඉන්න පුරුෂයින්.. (Video)
Sunday, 23 July 2023 - 10:48 | Views - 1,130
මෙරට රැකියා විරහිත තරුණ ප්‍රජාව අතරින් 80%කට ආසන්න පිරිසකට ඉහළ පරිගණක සාක්ෂරතාවක් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන
දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, 2022 වසරේ මෙරට පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාව සම්බන්ධ සිය නවතම වාර්තාව එළි දක්වමින්.

එම වාර්තාවට අනුව, 2022 වසරේ මෙරට පරිගණක සාක්ෂරතාව 36%ක් වන අතර, 2020 වසරට සාපේක්ෂව එය 3.7% ක වර්ධනයක්.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවට අනුව, 2021 වසරේදී 34.3%ක්ව පැවති මෙරට පරිගණක සාක්ෂරතාව 2022 වසරේදී 36%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාගරික ප්‍රදේශවල ජනතාවගේ පරිගණක සාක්ෂරතාව 48.9%ක මට්ටමේ පවතින අතර, ග්‍රාමීය ප්‍රදේශවල එය දැක්වෙන්නේ, 34.6%ක් ලෙසයි.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ගත් විට පුරුෂයින්ගේ පරිගණක සාක්ෂරතාව ස්ත්‍රීන්ට වඩා ඉහළ මට්ටමක පවතින බව ද එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.

එහි දැක්වෙන්නේ, 2022 වසරේ පුරුෂයින්ගේ පරිගණක සාක්ෂරතාව 37.3% ක් වන අතර, කාන්තාවන්ගේ පරිගණක සාක්ෂරතාව 34.8% ක් බවයි.

2022 වසරේ මෙරට ඉහළම පරිගණක සාක්ෂරතාව හිමි වයස් ඛාණ්ඩය වූයේ වයස අවුරුදු 15 ත් 19 ත් අතර පිරිස වන අතර ප්‍රතිශතයක් ලෙස එම සංඛ්‍යාව 74.8% ක්.

පළාත් අනුව ගත්විට බස්නාහිර පළාත මෙරට වැඩිම පරිගණක සාක්ෂරතාවයෙන් යුත් පිරිසක් ජීවත් වන පළාත වන අතර එම ප්‍රතිශතය 47.5% ක්.

මෙරට අඩුම පරිගණක සාක්ෂරතාවකින් යුත් ජනතාව වෙසෙන පළාත ලෙස මෙම වාර්තාවේ දක්වා ඇත්තේ, උතුරු මැද පළාතයි.

2022 වසරේ උතුරු මැද පළාතේ පරිගණක සාක්ෂරතාව 24% ක්.

වයස අවුරුදු 25 ත් 29ත් අතර පසුවන තරුණ ප්‍රජාව රැකියා විරහිත ජනතාව අතරින් ඉහළම පරිගණක සාක්ෂරතාවක් හිමි පිරිස ලෙසට හඳුනාගෙන තිබෙනවා.

2022 වසරේදී ඔවුන්ගේ පරිගණක සාක්ෂරතාව 78.4% ක්.

මේ අතර, මෙරට ඩිජිටල් සාක්ෂරතාව 2022 වසරේ දැක්වුණේ, 60% ක් ලෙසයි.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ගත්විට 2022 වසරේ ඩිජිටල් සාක්ෂරතාව පුරුෂයින්ගේ 62.3%ක් වන අතර, ස්ත්‍රීන්ගේ ඩිජිටල් සාක්ෂරතාව දැක්වුණේ, 57.9%ක් ලෙසයි.

ඒ අනුව පරිගණක සාක්ෂරතාව ඉක්ම වූ වර්ධනයක් ඩිජිටල් සාක්ෂරතාව අංශයෙන් පෙන්නුම්කරන බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

2022 වසරේ මෙරට ඩිජිටල් සාක්ෂරතාව වැඩිම වයස් ඛාණ්ඩය ලෙස හඳුනාගෙන ඇත්තේ, වයස අවුරුදු 20 ත් 24 ත් අතර පිරිසයි.

ඔවුන්ගේ ඩිජිටල් සාක්ෂරතා ප්‍රතිශතය 90.9% ක්.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top