පෙම්වතෙක් නැද්ද? සුවිශේෂී වෙබ් අඩවිය මෙන්න..
Sunday, 23 July 2023 - 8:39 | Views - 2,550
ජපානයේ රජය පෙම්වතුන් කුලියට දීම සඳහා වෙන් වූ වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.
පසුගිය වසර 5 තුළ ජපානයේ තනිව ජීවත් වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම එයට හේතුවයි.
මේ තත්ත්වය තුළ කුලියට පෙම්වතුන් හඳුන්වා දීමේ සැලසුමක් ජපාන රජය විසින් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම, ජපානයේ බොහෝ තරුණ තරුණියන් පෙම්වතුන් සොයා නොයෑමෙන් මානසිකව හෙම්බත් වී සිටින බවත් ඒ අනුව පෙම්වතුන් කුලියට දීමේ ව්‍යාපෘතියට එරට රජය අනුමැතිය ලබා දී ඇති බවත් සඳහන් වුණා.
මෙහිදී පැයකට හෝ දෙකකට පෙම්වතියක් හෝ පෙම්වතෙක් කුලියට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මේ සඳහා, අදාළ වෙබ් අඩවියට අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවත් වාර්තා වනවා.
Share This Article