ලාෆ්ස් සහ ලිට්රෝ , මිල සමාන කරමින් මිල සූත්‍රයක්..
Sunday, 23 July 2023 - 7:49 | Views - 700
ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළේ ලිට්රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතින බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවත් සඳහන් කළ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඒ අනුව ඉදිරියේදී ලාෆ්ස් ගෑස් සදහා ද මිල සූත්‍රය හදුන්වා දීමට බලාපොරොත්තු වන බව බවයි.
Share This Article