සමලිංගික ප්‍රජාව වෙනුවෙන් විශේෂ වූ පානයක්..
Saturday, 22 July 2023 - 10:39 | Views - 1,396
සමලිංගික ප්‍රජාව (LGBTQ+) වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳ පොළට නිකුත්කර තිබෙනවා.
එය හදුන්වා ඇත්තේ 'Gay Water' යන නාමයෙන් වන අතර සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් මෙම පානය වෙළෙදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පානය නිපදවා ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙක්.
එම පුද්ගලයාද සමලිංගිකයකු වන අතර "අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය කරනවා" ලෙස ඔහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.
ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම පානය නිර්මාණය කිරීමට සිතුවේ මීට වසරකට පමණ පෙර බීම කර්මාන්තයේ රැකියාවක් ලැබූ තම මිතුරා සමඟ නිවාඩුවක් ගත කරන අතරතුර බවයි.
Share This Article