බාලවයස්කාර දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට..
Saturday, 22 July 2023 - 8:54 | Views - 1,740
වයස අවුරුදු 13ක බාලවයස්කාර පාසල් දැරියක්, ගැබිනියක් බවට පත් කිරීමේ සිද්ධියක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයකු පසුගියදා (20) අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රළපනාව, නවගත්තේගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ .
ළමා ආරක්ෂක අධිකාරිය මගින් ලැබුණු පණිවුඩයකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු කිහිප අවස්ථාවකදීම මෙම බාලවයස්කාර දැරියගෙන් පෙම් සබඳතාවක් ඇරැඹීමට ඇරයුම් කර ඇති අතර මේ වසරේ ජනවාරි මස දිනක දී රාත්‍රී 10 ට පමණ දැරිය නිදා සිටි කාමරයට ඇතුළු වී තිබෙනවා.තවද ඔහුගේ මුහුණ වසා නිවෙස පිටුපසට රැගෙන ගොස් අතවරයට ලක්කර පසුව එය කිසිවෙකුටත් නොකියන ලෙසට පවසා ඇති බවද දැරිය ප්‍රකාශකර තිබෙනවා.
එසේම, අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (21) අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share This Article