වාහන ආනයනයේදී බස්, යතුරුපැදිවලට ප්‍රමුඛස්ථානය
Saturday, 22 July 2023 - 7:45 | Views - 6,682
2020 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වාහන ආනයනය අත්හිටුවීම තුළින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 620 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියේ වාහන ආනයනය නැවැත්වීමෙන් අහිමි වූ බදු ආදායමට වඩා විදේශ විනිමය ඉතිරි කර ගැනීමෙන් සිදු වූ වාසිය ඉහළ බවයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ආනයන සීමා ලිහිල් කිරීමේදී, පොදු ප්‍රවාහනයට මෙන්ම කර්මාන්ත සඳහා ගෙන්වන වාහන සහ යතුරුපැදි සදහා ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.
Share This Article