පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුට තම රහසඟ පෙන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට..
Friday, 21 July 2023 - 13:01 | Views - 973
කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුගේ සිරුරෙහි රහසඟ ගැටීමට සැලැස්වූ පුද්ගලයකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටි මෙම පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා සේවය නිමවා කොටුව පොලිස් ස්ථානයේ නේවාසිකාගාරයට (නිල ඇඳුමින්) ගමන් කරන අවස්ථාවේදී ගුණසිංහපුර ආලෝක සංඥා පූවරුව අසලදී, අත්අඩංගුවට ගත් සැකකරු සිය ඇඳුම් උනා දමා මෙලෙස පොලිස් නිලධාරිනියන්ට හිංසා කල බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.
කෙසේ වෙතත්, පොලිස් කොස්තාපල්වරියන්ගේ කෑගැසීම ඇසුනු එම ස්ථානයේ සිටි පිරිසක්,වහා පැමිණ පළා යමින් සිටි සැකකරු අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.
Share This Article