අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමේ පෝෂණ වැඩසටහන සදහා ආහාර ලබාදෙන සමෘද්ධිලාභීන් ඇතුලු සැපයුම්කරුවන්ගේ මුදල් මැයි මාසයේ සිට ගෙවා නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.
කලාප අධ්‍යාපන කාර්යාල හරහා එම ගෙවීම් සිදු කරන අතර ආහාර සැපයුම්කරුවන් ප්‍රකාශ කළේ කලාප අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසීමේ දී මේ දක්වා ඔවුන් වෙත ඊට අදාළ මුදල් ලැබී නොමැති බවට දැනුම් දීම් සිදු කර ඇති බවයි.
මෙම වැඩසටහන සඳහා ආහාර සැපයීමට සමෘද්ධි ආධාර ලබන පවුල් වලට අවස්ථාව සලසා දෙනු ලැබුවේ ඔවුන්ට ඒ හරහා යම් ආදායමක් ලැබිය හැකිවන පරිදියි.
කෙසේ වෙතත්, ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන සමෘද්ධිලාභී පවුල්වලට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවන්නේ නම් එය කබලෙන් ලිපට වැටීමක් නොවේද?