ඉන්ධන කෝටාව ඉහළට..
Thursday, 20 July 2023 - 14:00 | Views - 6,634
දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව ලබන (අගෝස්තු ) මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සමාලෝචනය කළ බවයි.
ඒවා ඇගයීමෙන් පසු මෙසේ ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කල බවයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article