වැඩබලන අමාත්‍යවරු දෙදෙනෙක්..
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
ජනපති නොමැති කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමට අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.