දරුවෙක් කියන්නේ ඇත්තටම පවුලට සම්පතක්.. වැඩ නිසා දරුවෙක් නොලැබෙන්නත් පුළුවන්..
Tuesday, 18 July 2023 - 9:21 | Views - 620
දරුවෙක් කියන්නේ ඇත්තටම පවුලට සම්පතක්.. ඒ ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ..

වැඩ නිසා දරුවෙක් හදන එක පස්සට දාන ගොඩක් පවුල් ලෝකය පුරාම ඉන්නවා.. ඒකට එක එක දේවල් හේතු වෙන්න පුළුවන්..

සමහර වෙලාවට පෞද්ගලික කාරණා වගේම ඒ ගැන සැලකිල්ලක් නොදක්වන්න මේ වගේ හේතුත් තියනවා කිව්වොත් විශ්වාස කරනවා ද... ?

මේ කියන යන්නේ ඒ වගේ කතාවක්... මේ කතාව ඇහෙන්නේ ජපානෙන්... ජපානේ සාපේක්ශව උපත් අනුපාතය අඩු වීමක් දැකගන්න් පුළුවන් වෙලා..

ඒක රටක් විදිහට ඇත්තටම ලොකු තර්ජනයක්... ජපානයට දිගු කලක් තිස්සේ වැඩ කරන සංස්කෘතියක් තියනවා.. ඒත් එක්කම හෙම්බත් වෙච්ච මිනිස්සු ගොඩක් පුරුදු වෙලා හිටියේ ඒකාකරී ජීවන රටාවකට කිව්වොත් ඔබ විශ්වාස කරනවාද...?

මේ නිසාම ඔවුන් සිතා තිබුණේ, තමන්ගේ වෙහෙස මඟ හැරවා ගන්න ආකාරය විතරයි... මේ ක්‍රමය වෙනස් කරන්න 2010 වසරේදී කෙන්ක් සමත් වෙනවා...

 Masahiro Okafuji... Itochu Corp සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වුණ මොහු ජපානයේ විශාල ප්‍රතිවාදීන්ට එරෙහිව තරඟ කළ හැකි වන පරිදි ඵලදායිතාව වැඩි දියුණු කිරීමට කටයුතු කළා...

ඒ සේවකයන්ගේ පෞද්ගලික ජීවිතයට ඉඩක් ලබාදෙන්න ඔහු කටයුති කරලා... පැය 8 න් පසු කාර්යාලයේ වැඩ කිරීම තහනම් කරනු ඇති අතර, අතිකාල දීමනා ගෙවීමත් සිදු නොකිරීමට ඔහු වග බලාගත්තා..

මේ නීතිය Okafuji හි වැඩකරන සියලු දෙනාට පොදු වූවක්... කොහොම වුණත් මේ කාර්‍ය ඉටු කරලා ටික දවසකට පස්සේ ඉටෝචුගේ කළමනාකාරිත්වය පුදුමයට පත් කරමින් වෙනස් වූ දෙය නම්, වැඩිපුර කාන්තා සේවිකාවන් මාතෘ නිවාඩු ලබාගෙන මෙන්ම දරුවන් ලබා නැවත රැකියාවට පැමිණීමයි.... මේ ක්‍රියාවෙන් පස්සෙ ජපානයේ මාතෘත්වය ගැන සිතන්නට පෙලබිලා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top