දකුණු මුහුදු තීරයේ මාරාන්තික සත්ත්වයෙක්..
Sunday, 16 July 2023 - 14:44 | Views - 1,348
නැගෙනහිර මුහුදු තීරයේ සිටි ‘ලොඩියා’ නැමති මත්ස්ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්යස්ථානය නිවේදනය කර තිබෙනවා.
එහි ප්රධානී විශේෂඥ වෛද්ය රවී ජයවර්ධන සඳහන් කළේ, මෙම ජීවියා මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බවයි.
සෑම වසරකම ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ මෙම මත්ස්යයා දැකගත හැකි බව ද වැඩිදුරටත් සඳහන් වුණා.
එසේම, මත්ස්යයා කුඩා බැලුනයක හැඩය ගන්නා අතර උදර ප්රදේශයේ දිගු නූලක් වැනි ග්රාහිකා පවතින බවද සඳහන්.
තවද, මෙම සත්ත්වයා ස්පර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි බව ද සඳහන් වුණා.
මේ හේතුවෙන් ස්නායු පද්ධතිය, හෘදය වස්තුව හා ශ්වසන පද්ධතිය බලපෑමකට ලක් විය හැකි බවයි වාර්තා වුණේ.
Share This Article