කොළඹ වරාය නගරයේ අළුතින් ඉදිකළ වෙරළ තීරය - ජනතාවට..
හැමෝම කැමති දවසින් දවස අපේ මේ රට දියුණු වෙනවාට... මේ ඒකට තියපු එක අලුත් පියවරක්...
මේ කියන්න යන්නෙ කොළඹ වරාය නගරයේ අළුතින් ඉදිකළ වෙරළ තීරය ගැන...
මෙම වෙරළ තීරය අද ජනතාවට විවෘත කළා..
කිලෝමීටර් දෙකක පමණ දුරකින් යුත් මෙම වෙරළ තීරය, එය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරයින් වෙනුවෙන් පහසුකම් රැසකින්ද සමන්විතයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
ඒ යටතේ අළුතින් ඉදිවෙන වෙරළ තීරයේ කොටසක් මීට වසරකට පමණ පෙර ජනතාවට විවෘත වුණා.
එහි ඉතිරි කොටසද ජනතාව වෙනුවෙන් අද සිට විවෘත වනවා.
මෙම වෙරළ තීරය නැරඹීමේ අවස්ථාව ඕනෑම අයෙකුට හිමිවන අතර, ඒ් සඳහා කිසිදු අයකිරීමක්ද සිදුවන්නේ නැහැ.
එහි පැමිණෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීම් රැසක් ද අත්විදීමට අවස්ථාව හිමි කරදී තිබීම විශේෂත්වයක්..