නවකවදයට ලක් වන්නේ නම්, කතා කරන්න අංකයක්..
Saturday, 15 July 2023 - 12:51 | Views - 1,467
“ස්ථාවර රටකට සැවොම එක මගකට“ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (14)පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් පැවසුවේ උසස් අධ්‍යාපන ආයතනයක කිසියම් සිසුවකු නවකවදයකට ලක් වන්නේ නම් ඒ බව ක්ෂණික ඇමතුමක් දීමට ක්ෂණික ඇමතුම් අංකයක් ඉදිරි සති කිහිපය තුළ හඳුන්වා දෙන බවයි.

මෙම ක්‍රියාවලිය හරහා නවකවදය යම් තරමකින් හෝ නතර කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම ඔහු පවසන්නේ නවකවදය දෙමින් පුරවැසි අයිතිවාසිකම් උදුරාගැනීම සමාජයට නුසුදුසු ක්‍රියාවලියක් අතර එය මානව හිංසාව 21 වැනි සියවසට නොගැළපෙන ක්‍රියාවක් වන බවයි.

කෙසේ වෙතත්, නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් මෙරට ක්‍රියාත්මක නවකවදය යම් තරමකින් නතර කිරීමට ඉදිරියේදී හේතුවක් වනු ඇතැයි අමාත්‍ය සුරේන් රාඝවන් පවසා සිටියා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top