පේරාදෙණිය රෝහලේ තරුණියක මිය යාම ගැන සොයන්න - පංච පුද්ගල කමිටුවක්..
Saturday, 15 July 2023 - 9:10 | Views - 3,012
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියක් මිය යාමේ සිද්ධිය ගැන විමර්ශනයට විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ අදාළ විශේෂඥ කමිටුව හෙට පළමුවරට රැස්වීමට නියමිත බවයි.

ඒ අනුව, ඔවුන් එම රෝහලට ගොස් ඒ පිලිබද විමර්ශන ආරම්භ කිරීමට ද නියමිතයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ උදරාබාධ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය 21 හැවිරිදි තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ පොත්තපිටිය පොදු සුසාන භූමියේදියි.

පවුලේ එකම දරුවා වූ චමෝදි සන්දීපනී නැමති ඇය පසුගිය නව වනදා රෝහල් ගත කෙරුණේ රාත්‍රී ආහාරයට ගත් කොත්තුවක් නිසා හටගත් උදරාබාධ තත්ත්වයක් හේතුවෙන්.

එහිදී එන්නතක් ලබා දීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් නිසා ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වුණේ.

මේ අතර පානදුර මූලික රෝහලේදී මියගිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 31 හැවිරිදි සේවකයාට අවශ්‍ය ප්‍රතිකාර සදහා හෘද දැඩිසත්කාර ඒකකයක ඇදක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top