තේ, සෙස් බද්දේ වෙනසක්..
තේ අපනයනයේදී අය කරනු ලබන එකතු කළ අගය මත පනවන බද්ද හෙවත් සෙස් බද්ද තේ කිලෝ 100 කට රුපියල් 400ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, 1975 අංක 14 දරණ ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි.
මේ වන විටත් තේ කිලෝ 100 ක් සඳහා රුපියල් 400 ක සෙස් බද්දක් අය කරනු ලබනවා.
කෙසේ වෙතත් අවසන් වරට ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ එය රුපියල් 35-0 ක් ලෙසයි.
එය යාවත්කාලීන කරමින් සැබෑ අගය සටහන් කර මෙලෙස නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි තේ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ අප කළ විමසීමකදී කියා සිටියේ.