මත්පැන් බෝතලයට සියයට 10කට ත් වැඩිව අයවන බද්ද (Video)
Sunday, 09 July 2023 - 10:08 | Views - 3,459
පසුගියදා අතිවිශේෂ මත්පැන් බෝතලයක මිල රු. 320/- කින් වැඩි කරනු ලැබුවේ අතිවිශේෂ මත්පැන් බෝතලයක නිෂ්පාදන වියදම රු. 294/- ක්ව පවතින පසුබිමකයි.
අතිරේක සුරා බදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කර සිටියේ මිල රු. 320/- කින් වැඩි කළද එයින් රු. 280/- ක්ම රජයේ බදු බවයි.
කෙසේ වෙතත්, අතිවිශේෂ අරක්කු බෝතලයක් අලෙවි කෙරෙන්නේ රු. 3200කට වන අතර මෙම රු. 3200/- මුදලෙන් එහි අඩංගු මත්පැන්වල වටිනාකම වන රු. 294ක් අඩු කළ විට ඉතිරිවන රු. 2906 මුදල අදාළ සමාගම් ගෙවන බදු සහ ලාභය බවයි වාර්තා වන්නේ.
Share This Article