වරදක් කරලා ගැලවිලා ඉන්න පුළුවන් වුණේ ඉස්සර දැන් ඒකට සහන නෑ..
Sunday, 09 July 2023 - 9:45 | Views - 1,102
වෙනකොට සමාජ මාධ්‍යවලින් සිද්ධ වෙන දේවල් හරියට මෙන්න මෙහෙමයි කියලා කියන්න බැරි තරම්...

ඒ කොහොම වුණත් මේ මාර්ගයෙන් කාන්තාවන්ට ගැටලු ඇතිවන අවස්තා අනන්තයි කියලා සමාජයේ අපට  ඇහෙන කතාවලින් තේරෙනවා... 

මේ කියන්න යන්නේ අද වෙනකොට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැනයි..

වරදක් කරලා ගැලවිලා ඉන්න පුළුවන් වුණේ ඉස්සර දැන් ඒකට සහන නෑ...

මේ බලන්නකෝ ඒ ගැන නීතිය පැත්තෙන් කියන කතාව මොකද්ද කියලා...

කාන්තාවන්ට පහරදී ඔවුන්ට ලිංගික හිරිහැර සිදුකිරීම වීඩියෝ කරලා ඒවා සමාජ මාධ්‍ය වෙත යොමුකිරීමත් සමඟ මේ නීති සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කලේ... මේ ඔහුගේ අදහස්...

“දණ්ඩනීති සංග්‍රහයේ 365 ඈ 1 කියන වගන්තිය මතයි මේ සම්බන්ධව නීතිය සඳහන් කරලා තිබෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් මේ ආකාරයේ ප්‍රචාරයක් සිදු කළොත් වසර 2 දක්වා බරපතළ වැඩ ඇතිව හෝ නැතිව දඩුවම් ලබාදීමේ හැකියාවක් තිබෙනවා. දඩයක් නියම කිරීමේ හැකියාවත් තිබෙනවා. නමුත් නඩු විභාගයකින් ඔප්පු වෙන්න ඕනේ.”

“කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් තිබෙන කාරණා ප්‍රචාරය කිරීම විශේෂයෙන් නීතියෙන් තහනම් කරලා තිබෙන දේවල්.”

“සමාජ මාධ්‍ය ජාල හරහා මේවා යම් පුද්ගලයෙක් සමාජගත කිරීමේදී අනිවාර්යයෙන්ම ඔහු කරන්නේ බරපතළ වරදක්.”

“මේ නවගමුව සිද්ධියේදීත් අපි ඒ පුද්ගලයාව හඳුනාගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top