චන්ද්රයාන් 3 මෙහෙයුම - ලබන සතියේ..
ඉන්දීය චන්ද්රයාන් 3 යානය ලබන 14 වනදා සඳ වෙත යැවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඉන්දීය අභ්යකාශ පර්යේෂණ ආයතනය හෙවත් ඉස්රෝ මගින් සිදුකරන මෙම මෙහෙයුමට ඉන්දීය රුපියල් බිලියන 6.5 ක් වැය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්ය වාර්තා සදහන් කළේ.
සටිස් ධවාන් අභ්යවකාශ මධ්යස්ථානයෙන් අභ්යවකාශ ගත කරන චන්ද්රයාන් 3 යානය රැගෙන යාමට නියමිතව ඇත්තේ එල්.වී එම් ත්රී රොකට්ටුව මගින්.
මීට පෙර ඉන්දියාව 2019 සැප්තැම්බර් මාසයේදී චන්ද්රයාන් - 02 යානය සඳ මතට ගොඩබැස්වීමට උත්සාහ කළ අතර සඳ මතට කඩා වැටී අතුරුදන් වීමත් සමඟ එම මෙහෙයුම අසාර්ථක වී තිබුණා.
කෙසේ වෙතත්, 2008 වසරේ චන්ද්රයාන් 01 මෙහෙයුම සාර්ථකව සිදුකරනු ලැබුවා.