පච්චා හෙවත් ටැටු කොටා ඇත්නම් එවැනි පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි.
මේ අතර මේ වසරේදී ජාතික රුධිර අවශ්‍යතාවය මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියා.