වැලි මැස්සන් දෂ්ඨ කිරීමේ අවදානමක් ?
Saturday, 08 July 2023 - 13:50 | Views - 1,230
උතුරුමැද පළාතේ වැලි මැස්සන් දෂ්ඨ කිරීම නිසා රෝහල්ගතවන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජී.එච්.ඩී.සී. ජනප්‍රිය පවසනවා.
ඔහු කියා සිටියේ දිනකට රෝගීන් 10 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් රෝහල් ගතවන බවයි.
වැලිමැස්සා දෂ්ඨ කිරීමෙන් පසු සමෙහි ගැටිති ඇති වන අතර පසුව එය විශාල වී තුවාලයක් බවට පත්වනවා.
එම තත්වය මුලින් හදුනාගතහොත් ඉක්මන් ප්‍රතිකාර කර සුවකර ගත හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article