වැඩිහිටි,ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව වෙනසක් නොවේ
Friday, 07 July 2023 - 10:49 | Views - 2,147
වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා දැනට පවතින ක්‍රමවේදය යටතේ අඛණ්ඩව ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
නව නිර්ණායකයන් හඳුන්වා දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි හිරු ප්රවෘත්ති කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.
එමෙන්ම සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ හතරක් යටතේ අස්වැසුම ප්රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක් නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ලබන 10 වනදා දක්වා අස්වැසුම ප්රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, දැනට ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව හත්ලක්ෂ 60,000 ක්. එමෙන්ම විරෝධතා දස දහසක්ද ඉදිරිපත්ව තිබෙනවා.
Share This Article