අනියම් පෙම්වතිය අතින් අනියම් පෙම්වතා ඝාතනය වෙයි
Thursday, 06 July 2023 - 9:34 | Views - 3,102
පෙම්වතාගේ ගෙල සිරකර ඝාතනය කලැයි කියන පෙම්වතියක් රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ගම , අලුත්අම්බලම ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.
කෙසේ වෙතත්, ඝාතනය සිදුකළ කාන්තාව අඟුරුවැල්ල ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි වියේ පසුවන අයෙක් බවටයි වාර්තා වන්නේ.
එසේම මියගිය පුද්ගලයා වසරක පමණ කාලයක් තිස්සේ මෙම කාන්තාව සමඟ පෙම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබෙන බවද සඳහන්.
මේ අතර, මොවුන් දෙදෙනාම විවාහකයින් වන අතර පසුව මෙම කාන්තාව විසින් එම අනියම් සම්බන්ධය නවත්වා දැමීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව ඊයේ (05) දිනයේ මියගිය පුද්ගලයා කාන්තාවගේ අඟුරුවැල්ල ප්රදේශයේ පදිංචි නිවසට පසුපස දොරින් පැමිණ බලහත්කාරයෙන් කාන්තාව සමඟ ලිංගිකව හැසිරීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී ජනේලයේ ජනෙල් රෙද්ද උපයෝගි කරගෙන මෙම සැකකාරිය අනියම් පෙම්වතාගේ ගෙල සිර කර තිබෙන බවටයි වාර්තා වී තිබෙන්නේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන රුවන්වැල්ල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
Share This Article