2019, 2020 සහ 2021 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබා ගැනීම සඳහා අයඳුම් කිරීමට ජුලි (4) වැනිදා සිට අවස්ථාව හිමි වී තිබෙනවා.
ඒ අනුව සිසුන් 5,000කට රජය පොලී රහිත ණය ලබා දීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශකර සිටියේ.
රැකියා ඉලක්ක කරගත් පාඨමාලා හැදෑරීමට අදහස් කරන සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන මෙම ක්‍රමවේදයේ අයදුම් පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 7 වැනිදා බවයි වාර්තා වෙන්නේ.
ණය යෝජනා ක්‍රමය සඳහා කිසියම් තරගයක් මතුවුවහොත් එය සිසුන්ගේ ඉසෙඩ් අගය අනුව තීරණය කරන බවයි රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.